Posts

Showing posts from April, 2017

මොරගහකන්ද අස්වැන්න කාටද?

Image
පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කව්ඩුල්ල, කන්තලේ යන වැව් වලින් දෙකන්නය සඳහා ජලය අක්කර අඩි ලක්‍ෂ 9.5ක් අවශ්‍ය වන අතර මෙම වැව් සඳහා වර්ෂාවෙන් ලැබෙන ජල ප්‍රමාණය වන්නේ අක්කර අඩි ලක්‍ෂ 4.55කි. එම නිසාවෙන් ඉහත වැව් ආධාරයෙන් දෙකන්නය වගා කිරීම සඳහා අවශ්‍ය වන ඉතිරි ජල අඩුව වන අක්කර අඩි 4.95ක් වන ජල ප්‍රමාණය දැනට ලබා ගන්නේ අඹන් ගඟ හරස්කර අමුණ බැඳි යෝධ ඇළේ ජල පරිමාවෙනි. මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට අමුණ බැඳින ස්ථානයෙන්  වසරකට ගලා බසින ජල ප්‍රමාණය අක්කර අඩි ලක්‍ෂ 6 කි. ඉහත වැව් පද්ධතීන් සඳහා සුපුරුදු ලෙස අඹන් ගගෙන් අක්කර අඩි ලක්‍ෂ 4.95ක් ගබාගත් පසු මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා ඉතිරි වන්නේ අක්කර අඩි ලක්‍ෂයක් (1ක්) පමණි. එසේ නම් ඩොලර් මිලියන 675ක් (රුපියල් බිලියන 102ක්) වියදම් කරමින් කැපීමට යන උතුරු ඇල මාර්ගයට වතුර කෝ...? යම් හෙයකින් පොළොන්නරුවේ කුඹුරු ගොවිතැන් කිරීමට අවශ්‍යය ජලය මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා උතුරට ලබා දී ගිරිතලේ, මින්නේරිය, කව්ඩුල්ල, පරාක්‍රම සමුද්‍රය සහ කන්තලේ යන වැව් හිස් කළ හොත් රටටම බත සපයන පොළොන්නරුවට දෙකන්නය වගා කිරීමට ජලය නොලැබීමෙන් එම කුඹුරු සි