Posts

Showing posts from August, 2018

මල්ලි මෙන්න මොන්සැන්ටෝ සල්ලි

Image
මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ෆේස්බුක් ගිණුමේ තිබූ සටහනක් මෙහි දැක්වෙයි. ජොන්සන්ට රුපියල් කෝටි 4600ක්; ලංකාව පරයන්ට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට ජුලි මාසයේ 11 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි පලිබෝධනාශක රේජිස්ට්‍රාර් සුමිත් ජයකොඩි ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එය දැන ගත් මොහොතේ සිට ඊට එරෙහිව මාගේ ශක්ති ප්‍රමාණයෙන් කරුණු දැක්වීම් කළෙමි. මා සමග හිරු FM නාලිකාවේ විවාදයකට පැමිණි කුප්‍රකට කෘෂිකර්ම මහාචාර්යවරයා පැවසුවේ ග්ලයිපොසේට් ගැන මා දක්වන කරුණු සාවද්‍ය බවත් ජනතාව නොමග යවන බවත් ය; ඔහුට තවත් කෘෂිකර්ම සහ විද්‍යා මහාචාර්යවරු කිහිප දෙනෙක් උල්පන්දම් දුන්හ. තවත් කිහිප දෙනෙක් ඔවුන්ගේ දෙපරංශ කිති කැවීය; අවසානයේ ශ්‍රී ලංකාවේ ග්ලයිපොසේට් තහනම ඉවත් වූ අතර ග්ලයිපොසේට්, වකුගඩු රෝගය සහ පිළිකා සමග සම්බන්ධයක් නැතැයි කී තුප්පහි උගත්හු සිය කරතව්‍ය නිමා වූ ලෙස නිහඬ වූහ. මේ අතර ග්ලයිපොසේට්/ රවුන්ඩ් අප් නිෂ්පාදකයා වූ එක්සත් ඇමරිකානු ජනපද හි මොන්සැන්ටෝ සමාගමට විරුද්ධව ඩිවෙන් ජොන්සන් නමැති ලිම්ෆෝමා පිළිකා රෝගියෙක් කැලිෆෝනියා සැන් ෆ්‍රැන්සිස්කෝ ඉහ